තමා නාවික හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ වසර ගණනාවක් සේවය කලත් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නොමැති බව
අමාත්‍ය සරත් වීරසේකර අද (3) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ, ඉකුත් පාර්ලිමේන්තු දිනකදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ක්‍රියාදාමයක් සම්න්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
සරත් වීරසේකර අමාත්‍යවරයා චෝදනාවට පිළිතුරු දැක්වීමෙන් පසු ඒ සම්න්ධයෙන් අදහස් දැක්වීමට මනූෂ නානායක්කාර අවස්ථාව ඉල්ලා සිටි නමුත් ඊට අවස්ථාවක් නොමැති බවත් වෙනම විවාදයක් ඒ සඳහා ඉල්ලීමට කටයුතු කරන ලෙසත් කතානායකවරයා දැනුම් දුන්නේ ය.
එහිදී පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්වයක් ඇති වූ අතර මනූෂ නානායක්කාර මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍යවරයා තම චෝදනා වසන් කර ගැනීමට උත්සහ දරන බවයි.