තලතා මන්ත්‍රීතුමියට පාර්ලිමේන්තුවේදී කළ වාචික ලිංගික හිංසනය ගැන කණගාටුයි! (VIDEO)

ඉකුත් විශ්වාසභංග විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාලට පාර්ලිමේන්තුව තුළ වාචික ලිංගික හිංසනයන් සිදුකරන අවස්ථාවේ දී බිරිඳක්

සහ දියණියක් සිටින කතානායකවරයා සිනා සෙමින් කතානායක අසුනේ රැඳී සිටීම සම්බන්ධයෙන් කණගාටු වන බව මන්ත්‍රිනී රෝහිණි කවිරත්න පවසනවා.

අද (3) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.

පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු පමණක් බවත් පාර්ලිමේන්තුව තිබෙන්නේ එහි කාන්තා නියෝජනය විවේචනය කිරීමට හෝ එහි මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික සබඳතා සම්බන්ධයෙන් කතා කිරීමට හෝ නොවන බව සඳහන් කල මන්ත්‍රීවරිය කියා සිටියේ එහි ජනතා ගැටළු වලට පිළිතුරු සපයන තැනක් බවට පත්කළ යුතු බවයි.

 

 

 

 

Search