කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතු යි - සජිත් ප්‍රේමදාස (VIDEO)

දිනෙන් දින කොරෝනා ආසාධිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම බරපතළ තත්ත්වයක් බවත් මෙම මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (2) විපක්ෂ නායක කාර්යාලයේ සිට ප්‍රකාශයක් සිදු කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ නව චක්‍රලේඛ ඉදිරිපත් කරමින් සියලු රාජ්‍ය සේවකයින් රාජකාරි වෙත වාර්තා කරන ලෙස දැනුම් දීමෙන් සහ සංචරණ සීමා ඉවත් කිරීමෙන් ආණ්ඩුව ජනජීවිත බරපතල අනතුරකට හෙලා ඇති බවයි.

ගැබිනි කාන්තාවන්, කුඩා දරුවන් සිටින මව්වරුන් ඇතුළු පිරිසට එන්නත්කරණය සිදු කර නැති අතර ඔවුන් රාජකාරීවලට කැඳවීම ඔවුන්ගේ ජීවිත අනතුරට හෙලීමක් නොවේදැයි එහිදී විපක්ෂ නායකයා ප්‍රශ්න කළේය.

 

 

Search