ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව විසින්ම ගත් තීරණයක්
බවත් එය බලශක්ති ඇමතිවරයාගේ හෝ එක් පුද්ගලයෙකුගේ හෝ තනි තීරණයක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය ඉතා ගැඹුරින් සාකච්ඡා කළ බවත් ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බැවින් අකමැත්තෙන් හෝ මිල ඉහළ දැමීමේ තීරණයට එළඹීමට ආණ්ඩුවට සිදු වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.