පැවැති රජයන්ට වඩා වත්මන් රජය අනිවාර්යයෙන්ම යහපත් රජයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (11දා) පැවැසීය.
ඇතැම් අංශවලින් යම් පසුබෑම් පෙන්නුම් කළත්, හොරකම, මැරකම, වංචාව, දූෂණය නැවතීමට වත්මන් රජය සාධනීය පියවර තබා ඇතැයි ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය.
ජනතා මුදල් අවභාවිත කරන ලද පිරිස් හිරගෙවල්වලට යන ආකාරය අද දක්නට ලැබෙන බවත්, එය තවදුරටත් සාර්ථක වුවහොත් රටට විශාල ශක්තියක් ලැබෙන බවත්, මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම ද ඒ අයුරින්ම සිදුවිය යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවැසීය.
සරත් ෆොන්සේකා දිව දෙකෙන් කතා කරයි...පැවැති රජයන්ට වඩා මාලිමා රජය යහපත්ලු
