වත්මන් රජයට ආර්ථික සැලස්මක් හෝ දර්ශනයක් නොමැති බවත්,
වත්මන් අර්බුදය තේරුම් ගැනීමේ නොහැකියාව නිසා රටට බරපතල අපරාදයක් සිදුවෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ ය.
ලක්ෂ ගණන් යෞවනයන්ගේ ආදායම් හා රැකියා සුරක්ෂිත කිරීම පිණිස අහිමි වීමේ අවදානමට ලක්ව ඇති ජී එස්. පී. + සහනය රැක ගැනීමට රජයට සහාය දීමට ද විපක්ෂය සූදානම් බව යි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.