එන්නත් ලබාදීමේ දී සමස්ත පුරවැසියන් කෙරෙහි සමානව සලකනවා වෙනුවට සිය පාක්ෂිකයන්ගේ ජිවිත පමණක් ජිවිත සේ සලකා කටයුතු කරන වැක්සින් දේශපාලනයට උඩගෙඩි දෙන, ගෝත්‍රික ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇතැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.
කොරෝනා ගරනාවක් කරගත් වැක්සින් දේශපාලනය නවතනු!මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) දිනයේ මේ බව කියා සිටියේ අය.
මෙරට පුරවැසියන්ට අවශ්‍ය කරන එන්නත් ඇනවුම් කරන ලෙස මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් අශ්වයා පලා යනතුරු සුපුරුදු උද්දච්ඡ සහ වගකීම් විරහිත ප්‍රතිපත්තියෙන් ආණ්ඩුව බලා සිටි බව ඔහු එමඟින් වැඩිදුරටත් කියා සිටියි.