මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහනේ නිරත සෞඛ්‍ය සේවකයන්ට බලපෑම් එල්ල කිරීමේ සිදුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි ජනාධිපතිවරයා කියා සිටියේ එම සිදුවීම නිසා කළ සියලු දේ විනාශ වී ගිය බවත් එවැනි දේ සිදුවීමට ඉඩ නොදිය යුතු බවත් ය.