ලොව අනෙක් රටවල් කෝවිඩ් වසංගතය පාලනය වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කරන විට දී ශ්‍රී ලංකාව අද වනතෙක් කිසිදු නීතියක් සම්මත කර නැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එබැවින් ඔහු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ වසංගතය පාලනය කරමින් රටත් ආර්ථිකයත් පවත්වා ගැනීමට අවශ්‍ය නීති ඇතුළත් කෙටුම්පතක් සකසන ලෙස යි.
කොවිඩ් 19 වසංගතය පාලනය සම්බන්ධයෙන් අද දින (30) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු අගමැති වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.