ටෝකන් අනුව එන්නත් ලබාදීම ලංකාවටම කියා දුන්නු මොරටුවේ නගරාධිපතිගේ ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරනවා යි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද
ප්‍රකාශ කළ බව මොරටුවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කියා සිටිනවා.
ඊයේ (27) දිනයේ මොරටුව ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණි නගරාධිපතිවරයා විසින් ටෝකන් ලබා දී ඇති පුද්ගලයන්ට පමණක් එන්නත් ලබා දෙන්නැයි සෞඛ්‍ය නිළධාරීන්ට බලපෑම් සිදු කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවූ අතර ඉන් පසුව පැවති මාධ්‍ය හමුවක දී යි ඔහු මේ බව ප්‍රකාශ කළේ.