LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර තිබේ.
මැයි 20 සහ 21 යන දෙදින තුළ මෙම පැමිණිලි ගොනු කරනු ලැබුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් විසිනි. ඒ සඳහා නෙළුම්යාය පදනම විසින් නීතීඥ සහාය ලබා දී තිබේ.
මෙම පොලිස් පැමිණිලිවලින් සමහරක් ගොනු කිරීමට ගිය අවස්ථාවලදී LOLC සමාගමේ ණය එකතු කරන නියෝජිතයන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් වහාම එම පොලිස් ස්ථාන වෙත පැමිණි අවස්ථාවන් ගැන ද වාර්තා වේ. විශ්වාස කෙරෙන්නේ පොලිසිය තුළින්ම, සමාගමට විරුද්ධව පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු ඔවුන්ට ලැබෙන්නට ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනීමකින් තොරව සමාගම එම ස්ථානයට කැඳවා එය නීතියට පිටින් සමථ කිරීමට උත්සාහ කර ඇති අතර, එවැනි අවස්ථා නීතීඥවරයාගේ මැදිහත්වීම මත නතර කරගෙන තිබේ.
LOLC Finance Limited, LOLC Development Finance සහ BRAC Lanka Finance (LOLC සාමාජික) ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට වැඩි වශයෙන් වගකිව යුතු චූදිතයෙක් බවට පත් ව තිබේ. අධික පොලී අනුපාතික මෙන්ම, වාරික ඉල්ලා හිංසනවලට ලක් කිරීම ද මෙම ආයතනවල නියෝජිතයන් විසින් නිතරම සිදුකරන බවට පැමිණිලි රැසක් ලැබෙමින් තිබේ.
නෙළුම්යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා නීතීඥ රදිකා ගුණරත්න ට අනුව මෙකී හිංසනයන් ණය වාරික ඉල්ලා සිදුකරන වාචික හිංසනවල පටන් ත්‍රාසද්ග්‍රහණය (extortion) දක්වා දිවේ. තවද දැනට පොලිස් ස්ථානවලට ගොනු කර ඇති පැමිණිලිවලින් වැඩි කොටස නීති විරෝධී ලෙස අවිධිමත් ඇපකර සමාගම විසින් රඳවා ගැනීම සම්බන්ධයෙන් බව ද ඇය වැඩිදුරටත් හෙළි කළාය. ණයගැති කාන්තාවගේ ඇපයට අත්සන් කළ වෙනත් සාමාජිකාවන්ගේ හෝ, ඇතැම්විට ඇගේ සැමියාගේ හෝ ඥාතියෙකුගේ වාහනවල පොත් මෙන්ම රජයේ ඉඩම්වල ඔප්පු ද මේ අන්දමින් මෙම සමාගම විසින් නීත්‍යානුකූල පදනමකින් තොරව රඳවා තබාගෙන සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් යාන්ත්‍රණය හරහා මෙම වින්දිතයන් හට යුක්තිය ඉටු නොවන්නේ නම්, මෙවැනි සමාගම්වලට එරෙහිව අපරාධ නඩු පැවරීමේ ක්‍රියාමාර්ගය වෙත යාමට අදහස් කරන බව ද නීතීඥ රදිකා ගුණරත්න තවදුරටත් සඳහන් කළාය. ඇතැම් අවස්ථාවලදී පොලිස් විමර්ශනයේදී අදාළ නීතිවිරෝධී ඇපකර නිදහස් කර ගැනීමට පොරොන්දු වන සමාගම්, නැවත වරක් වින්දිතයන්ව ශාඛා කාර්යාලවලට ගෙන්වා රස්තියාදු කරන බවටත්, ‘හැකි නම් ගන්න‘ යැයි තර්ජනය කරන බවටත්, නීතීඥ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වාචික තර්ජන සිදුකරන බවටත් තොරතුරු වාර්තා වී ඇති බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ (Lanka Microfinance Practitioners' Association (LMPA) වෙබ් අඩවිය ට අනුව ඔවුන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් පිළිගත් ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ නියෝජිත ව්‍යූහයයි. ඉහත කී LOLC සමාගම් සියල්ලම ඔවුන්ගේ සාමාජිකයන් වේ. කෙසේ නමුත් ඔවුන් තිරයෙන් පිටුපස සිට මෙවැනි මූල්‍ය සමාගම් කෂුද්‍ර මූල්‍ය කිරීම සම්බන්ධයෙන් දොස් පැවරීම සහ විවිධ විවේචන සිදු කරන නමුත්, හෙළිදරව් නොකළ - එහෙත් සනාථ කළ මූලශ්‍රයකට අනුව මෙම සංගමයේ විශාලම ශක්තිය බවට මේ වන විට පත් ව සිටින්නේ ද LOLC සමාගමයි. එය ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ දෙබිඩි බව පිළිබඳ මනා සාක්ෂියකි.
- අමාලි ජයවීර
Lanka News Web
ඡායාරූප අයිතිය මුල් අයිතිකරු සතු ය