ආණ්ඩුවේ එන්නත් බොරුව රාජීත අතේ පත්තුකරයි - මේ කියන්නේ අමූලික බොරු (VIDEO)

මෙරට තුලදී සයිනෝෆාම් එන්නත නිපදවීමට කටයුතු කරන බවට ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කර තිබුණද

සැබෑ ලෙසම සිදුවන්නේ තොගයට එන්නත් ගෙන්වා මෙරටදී ඒවා කුප්පි කිරීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

''දැන් මේගොල්ලෝ මේ කියන්න හදන්නේ මගේ කාලේ කරපු ඒවා ඒගොල්ලොත් කරනවා කියල. නමුත් කරන්නේ අමූලික බොරුවක්නේ. තොග ගානේ ගෙනල්ලා ඒවා කුප්පිවලට දාලා කුප්පි සීල් කරලා වෙළෙඳපොළට දෙන්න හදන්නේ. ඕක නිෂ්පාදනයක්ද?"

 

Search