රුපියල් මිලියන 1800 ගාණක් ලැබුණු කෝවිඩ් අරමුදලේ මුදල්වලට මොකද වුණේ කියන කාරණය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවෙන බව ජාතික විද්වත් සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ යුද්ධ කාලයේ මිග් යානාවලින් හොරකන් කරපු, සුනාමි අරමුදලින් හොරාකාපු පාලකයෝ ඉන්න රටක වසංගත අරමුදලක් කියන්නේ සමහරුන්ට පෞද්ගලිකව වසන්තයක් බව යි.