අපරාදේ රාමසාන් කලින් තිබ්බා නම් මීට කළින් රට වහනවා (VIDEO)

සිංහල - දෙමළ අවුරුදු උත්සව ස‍මයේදී අවම වශයෙන් පළාත් අතර සංචරණ සීමා හෝ පැනවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය විශේෂඥයන්, මහජන සෞඛ්‍

ය පරීක්ෂකවරුන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ආණ්ඩුව ඊට කන් නොදීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට 2000 ඉක්මවන කොවිඩ් ආසාදිතයන් දිනපතා වාර්තා වන තත්වයට වසංගතය දරුණු වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.


සිංහල අවුරුද්දට පෙර රාමසාන් සමය එළඹියේ නම් ආණ්ඩුව රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Search