මෙරට කොරෝනා මරණ දත්ත සම්බන්ධයෙන් මහජනයා අතර සැකයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.
දෛනිකව සිදුවන මරණ ගණන ඉහළ යන බැවින් එළියට එන දත්ත වාර්තා සැබෑ ඒවා නොවන වග පෙනෙන්නට ඇති බවත් රටේ සිදුවන කොවිඩ් මරණ සියල්ලම වාර්තා වනවා ද යන්න ගැන සැක සහිත බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.