කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් මේ දක්වා නිවෙස් වලට වී සිටින කොරෝනා ආසාදිත පුද්ගලයින් "1906" යන විශේෂ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදාපතිවරයා කියා සිටිනවා.
කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නොමැති පුද්ගලයින් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් 1906 විශේෂ දුරකථන අංකය ඔස්සේ ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් කියා සිටියේ.