"ක්ෂුද්‍ර මූල්‍ය ණය" වින්දිතයන් ගෙන ගිය සත්‍යග්‍රහය කොරෝනා නිසා තාවකාලිකව අත්හිටුවයි: අරගලය දිගටම

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරගැනීම ඇතළු ඉල්ලීම් 5ක් මුල් කරගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් විසින් හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය ඊයේ (1) දින තාවකාලිකව නතර කරනු ලැබීය.

රට තුළ උග්‍ර වෙමින් පවතින කෝවිඩ් වසංගත තත්වය හමුවේ මෙම තීරණය ගත් බව යි ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව විසින් නිවේදනය කර සිටින්නේ.

මැයි 1 වැනිදාට දින 55 ක් සම්පූර්ණ වුවද ආණ්ඩුවේ කිසිදු වගකිව යුත්තෙක් අවම වශයෙන් මෙම වින්දිතයන් හට සාකච්ඡාවක් ලබාදීමට පවා ඉදිරිපත් නොවූ බවත් එය රාජ්‍ය විසින් කරන බරපතල අපරාධයක් බවත් එම එකතුවේ කැඳවුම්කරු ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස සඳහන් කර සිටිනවා.

සියලු වගා ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොරොන්දු වූ නමුත් දැන් මුනිවත රකින බවට ඔහු චෝදනා කර සිටියි.

178753060 10158756961488822 4295894041218765271 n

Search