පාසල් විෂයය නිර්දේශය හරහා කාන්තාවන් ඉලක්ක කර ගත් ලිංගික අපයෝජන සංස්කෘතිය ප්‍රවර්ධනය කරන බවට අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා එල්ල වී තිබේ.
මෙම චෝදනාව එල්ල වන්නේ 11 ශ්‍රේණියේ අ.පො.ස සාමාන්‍ය පෙළ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළපොත හරහා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය මතවාදයක් ප්‍රවර්ධනය කරන බවට තොරතුරු අනාවරණය වීම සමඟිනි.
සොලිසිටර්වරයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකරුවකු වන නීතීඥ අරිත වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ලිංගික අපයෝජනයේ වින්දිත පාර්ශවයන් වරදකරුවන් කිරීමට අදාළ පෙළපොත හරහා කටයුතු කර ඇති බවයි.
මෙම පෙළපොතේ එක් පිටුවක සඳහන් වන පරිදි ලිංගික අපයෝජනයට ලක්වන තරුණ ගැහැණු ළමුන්ගේ වගකීම් විරහිත හැසිරීම මත පවා ලිංගික අපයෝජනයට ලක්විය හැකි බවට වාක්‍යයක් ඇතුලත් වේ.
එමෙන්ම ලිංගික අපයෝජන සිදුකිරීමට පෙළඹෙන පුද්ගලයින් හුදෙක් මානසික රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන හෝ වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයින් බවද එම පෙළපොතේ දැක්වේ.
මෙමඟින් ලිංගික අපයෝජනය සාධාරිණීකරණය කිරීම පිළිබඳ අදහසක් ගම්‍ය වන බව පෙන්වා දෙන නීතීඥ අරිත වික්‍රමසිංහ මහතා අවධාරණය කරනු ලබන්නේ එකඟතාවය (consent) පිළිබඳව, පිරිමි ළමුන් ගැහැණු ළමුන් හට ගරු කිරීම, සහ ලිංගික අපයෝජන සිදුනොකිරීම පිළිබඳව පාසල් දරුවන් හට ඉගැන්වීම වෙනුවට අපයෝජනයේ වින්දිත පාර්ශවය වරද භාරගත යුතු (victim blaming) බවක් අදාළ පෙළපොත හරහා ප්‍රකාශ වන බවයි.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය මෙම වැරදි මතවාදය සහ රට තුළ ලිංගික අපයෝජන සංස්කෘතිය වර්ධනය වීමට තුඩු දෙන මෙවන් මිත්‍යා මත ප්‍රවර්ධනය කිරීම වහා නතර කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
ලිංගික අපයෝජනය ආරම්භ වන්නේ අධ්‍යාපනය තුළින් මෙන්ම එය නතර විය යුත්තේ ද අධ්‍යාපනය තුළින් ම බව නීතීඥ අරිත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ලිංගික අපයෝජන සිදුවීමක දී වරද වින්දිත කාන්තාව මත පැටවීම පුරුෂ මූලික සමාජ ක්‍රමයන්ගේ පොදු ලක්ෂණයකි. ලිංගික අපයෝජනයක් සිදුවන්නේ නම් ලිංගික අපයෝජනයට ලක් නොවී සිටීමට කාන්තාව වග බලා ගත යුතු බවත්, පිරිමියකු කාන්තාවක අපයෝජනය කරන්නේ කාන්තාවගේ අඟපසඟ දැකීමෙන් උද්දීපනය වීම නිසා බවත්, එසේ ලිංගික උද්දීපනයන් ඇතිවීම නතර කිරීමට නම් කාන්තාව පිරිමියා ඉදිරියේ එසේ හැසිරීමෙන් වැළකිය යුතු බවත් මෙම සාහසික මතවාදය ප්‍රවර්ධනය කරන්නන්ගේ මූලික තර්කය වෙයි.
එහෙත් කිසිදු විටක, ලිංගික උද්දීපනයක් සිදුවීම තුළ පොදු හෝ පොදු නොවන ස්ථානයක තම ලිංගික අවයව නිසිපරිදි හැසිරවීමට පුරුෂයාට අවසර ලබා දුන්නේ කවුරුන් විසින් ද, හෝ කාන්තාව අරඹයා එවන් ආක්‍රමණයක් සිදුකිරීමට ඔහුට බලය ලබා දුන්නේ කවුුරුන් විසින්ද යන්න අප කිසිවිටක ප්‍රශ්න නොකරයි.
පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය (Comprehensive Sexuality Education) පාසල් විෂයය නිර්දේශයට ඇතුළත් කිරීම පිළිබඳව පසුගිය කාලය තුළ දැඩි කතා බහට ලක්ව තිබිණි. එහෙත් මීට එරෙහි පාර්ශව නඟන විවිධ හඬ මධ්‍යයේ එම යෝජනා හුදෙක් එන්ජීඕ ලේබලයට ලඝු කර මෙම වැදගත් සංවාදය නිහඬ කළ වාර ගණන අපමණය.
මෙලොවට ඉපදෙන සෑම දරුවකුම නිසිමඟට ගැනීමට, සාරධර්ම, සදාචාරය හා සංස්කෘතිය පිළිබඳ නිසි මඟ පෙන්වීම සිදුකළ යුත්තේ අධ්‍යාපනය තුළිනි. එහෙත් මෙවන් සාහසික මතවාදම රටක අධ්‍යාපන ක්‍රමවේදයට අනුගත කර තිබීම බරපතල ඛේදවාචකයකි.
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කොපමණ උදම් ඇනුවද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය පිළිබඳව රටක් වශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද යන්න අප අප විසින් ම ප්‍රශ්ණ කළ යුතු කාලය එළඹ තිබේ.
පුරුෂ මූලික සමාජක්‍රමයේ පවතින ඛේදජනක යතාර්ථය එයයි!
ඡායාරූප: නිව්ස්වයර්
Lanka News Web