මේ රජය මේ වෙලාවේ පාලනයේ ඉන්නේ වාසනාවට : 69 ලක්ෂයක් ජනතාවට ස්තුතියි (VIDEO)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රජයක් රටේ පාලනයට පත්කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී 69 ලක්ෂයක් වූ ජනතාවට ස්තුතිවන්ත විය යුතු බව පොදු ජන පෙරමුණේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කොරෝනා වසංගත තත්වය හමුවේ ලොව බොහොමයක් රටවල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මෙරට පාලකයා ලෙස නොසිටියේ නම් මේ රටේ විය හැකි ව්‍යසනය ගැන සිතාගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Search