"ආණ්ඩුවේ තක්කඩි උවමනාවන්ට කොරෝනා යොදාගන්න එපා" - සමන්ත විද්‍යාරත්න (VIDEO)

කොරෝනා පළමු රැල්ල පැමිණි අවස්ථාවේදී රටේ සමස්ත ජනතාව සිංහල අවුරුද්ද, මැයි දිනය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය ආදී සියල්ල කැපකරමින් පාලකයන්ට දියහැකි උපරිම සහයෝගය ලබාදුන් නමුත් ආණ්ඩුව ඉන් පාඩම් ඉගෙන නොගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.

දෙවැනි රැල්ල පැමිණි අවස්ථාවේදීද ආණ්ඩුව පාඩමක් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත කොවිඩ් වසංගතය ඉතා සීග්‍රයෙන් රටපුර පැතිරෙමින් තිබෙන බව පෙන්වා දෙන සමන්ත විද්‍යාරත්න පවසන්නේ ඒ සඳහා ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

එකෙන් බැරි නං දෙකෙන් හෝ පාඩම් ඉගෙනගෙන තුන්වැනි රැල්ල නතර කර ගැනීමට ආණ්ඩුවට ඕනෑතරම් අවස්ථාව තිබූ නමුත් රටේ ජනතාව නැවත වතාවක් කොරෝනා වසංගතයට බිළිවන තෙක් පාලකයන් බලා සිටි බව ඔහු සඳහන් කරනවා. තෙවැනි රැල්ල වඩාත්ම භයානක වන බවට මීට කලින්ම අනතුරු අඟවා තිබූ නමුත් කොරෝනා වසංගතය හමුවේ දිගින් දිගටම අසමත් වූ වත්මන් ආණ්ඩුව ඒ බව තේරුම් ගැනීමට අසමත් වූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ආණ්ඩුවේ බැරිකම, අසමත්භාවය, නොහැකියාව ජනතාවට චෝදනා කිරීම හරහා වසා ගැනීමේ තක්කඩි උත්සාහයක ආණ්ඩුව නිරතවෙමින් සිටින බවයි සමන්ත විද්‍යාරත්න අවධාරණය කරන්නේ.

 

Search