කුලප්පූ වූ අලි - ජීවිත දෙකක් බිලි, පාලකයින් මැලි - උන් හොදටම බුදි

අලි-මිනිස් ගැටුමට වහා විසඳුම් ලබා දෙන මෙන් රජයට බල කරමින් වන අලි ප්‍රහාර නිසා පීඩාවට පත්ව සිටින ගම්මාන රැසක ජනතාව අද (26) දිනයේ මහියංගනය නගරයේ විරෝධතාවයක් පැවැත්විය.

ඉකුත් දෙදින තුළ වන අලි ප්‍රහාරයෙන් මහියංගන ප්‍රදේශයේ මව්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වීම මෙම විරෝධතාවය පැවැත්වීමේ හේතුව යි.

විරෝධතාවයේ නියුතු පිරිස පළමුව වාහන පෙළපාලියකින් මහියංගනය නගරයට පැමිණි අතර මිනී පෙට්ටි දෙකක් සහ මල් වඩම් රැගෙන නගරය පුරා පෙළපාලියක් පැවැත්වුහ.

ඉන් අනතුරුව, දින 41 ක් පුරා අලි මිනිස් ගැටුමට පිලියමක් ඉල්ලා මහියංගනයේ පවත්වන සත්‍යග්‍රහ භූමියට පැමිණි විරෝධතාකරුවන් මිනීපෙට්ටි දෙක තබා, ප්‍රධාන මාර්ගය හරස් කර, උද්ඝෝෂණයේ නිරත වුණි.

ඡායා : උපුටා ගැන්මකි

Search