බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය සරත් වීරසේකර අත්සන් කළ බව පැවසීම "සීනි බදු වංචාව" යට ගැසීම පිණිස සුපුරුදු පරිදී ආණ්ඩුව ගෙනා උපක්‍රමයක් ද යන්න සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවස යි.
"සීනිවල බදු ප්‍රමාණය අඩු කළා ඒකෙ වාසිය තමන්ගේ හොඳම ළඟම ගජ මිතුරාට දුන්නා. පරණ උදව්වලට ප්‍රති උපකාර කළා."
"රටේ ජනතාවට වෙච්ච පාඩුව හොඳ හිතින් කළා කියලා ශේප් වෙන්න හදන්න එපා. මේක කරලා තියෙන්නෙත් පැහැදිලිව වංචා හිතකින් තමයි. වංචා කිරීමේ යටි හිතේ තිබ්බ උවමනාව ඉටු කරගන්න මේ බදු වෙනස් කරලා තියෙනවා. ඒක මහා බැංකු කොල්ලය හා සමානයි."