''මේ ජඩ දේශපාලනය නැවැත්විය යුතුයි. නැවැත්වීමට කටයුතු කල යුතුයි. අපගේ මාතෘ භූමිය අද දවසේ ඔබගෙන් ඉල්ලා සිටින්නේ එයයි.'' හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව කියා සිටියේ ඊයේ (11) පැවති "පරිසරයේ හෙට දවස" පුරවැසි සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.
පරිසරයේ ඇති වැදගත්කම හා තීරණාත්මකභාවය පිළිබඳව සිදුකරන මෙම සාකච්ජාව අප ජීවත්වන වර්තමානය පිලිබදව පමණක් නොව ඊළඟ පරපුරේ අනාගතයද තීරණය කරන්නක් බව එහිදී පැවසු කරු ජයසුරිය, මෙවැනි කාර්යයකට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අතිශයින්ම සතුටුවන බව ද කියා සිටියේය.
ඊයේ (11) පැවති එම සම්මන්ත්‍රණයේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, පරිසරයට සිදුවන බරපතල විනාශය වත්මන් පාලකයන් පවා එය තේරුම් නොගෙන සිටීම ඛේදවාචකයක් බව අවධාරණය කළේය.
(theleader.lk)