ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙම වංචාව නිසා ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මෙම පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවනට එරෙහිව නීතියානු කූලව පියවර ගන්නැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පෙත්සමෙන් ඉල්ලයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් මෙම පැමිණිල්ල ගොනු කලේය.