පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට පැමිණි වත්මන් පාලකයන්ගේ කාල සීමාව තුල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවේ යයි බලාපොරොත්තු තබා ගැනීම ඵල රහිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කර යි.
"වර්තමාන පාලකයෝ, ඒ කියන්නේ නන්දසේන මහත්තයලා මහින්ද මහත්තයලා බලයට එන්න ඉස්සරවෙලා හිටපු ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාර එල්ල කළා. එයින් එක ප්‍රහාරයක් තමයි පාස්කු ප්‍රහාරයට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරය දඩමීමා කරගෙන මේ කට්ටිය බලයට එන්න පාරක් හදා ගත්තා. මෙයාලා පොරොන්දු වුණා ආපු ගමන් පාස්කු ප්‍රහාරයේ අලගිය තැන් මුල ගිය තැන් මහ මොලකාරයෝ ඔක්කොම හොයලා දඬු කඳේ ගහලා නීතිය ක්‍රියාත්මක කරලා එක නීතියක් එක රටක් කියන සංකල්පයට වැඩේ ගොඩ දානවා කියලා තමයි බලයට ආවේ. දැන් අවුරුදු දෙකක් කල් ගිහිල්ලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය ඉවර යි. පාස්කු ප්‍රහාරය කෙසේ වෙතත් ජනතාවට ප්‍රහාරයක් දියත් වෙලා තියෙනවා වර්තමාන පාලකයන්ගේ දිසාවෙන්. වනාන්තර වලට ප්‍රහාරයක් දියත් වෙනවා, ජනතාවගේ බඩට ප්‍රහාරය වදිනවා ඒ වගේම ආණ්ඩුව ඇතුලෙත් එක එකා ප්‍රහාර එල කරගන්න ආකාරය අපිට පේනවා. මේ පාලකයන්ගේ කාල සීමාව තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තු වීම කළුනික සෙවීම වාගේ වැඩක් වෙනවා. මොකද මේකට සාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මහ මොලකාරයෝ ඕක ඇතුලෙත් ඉන්නවා."