පාස්කු ප්‍රහාරය දේශපාලන කාරණාවක් මුල් කරගෙන සිදු වූ දෙයක් ද යන්න පිළිබඳව අශෝක අබේසිංහ අමාත්‍යවරයා පමණක් නොව මෙරට සියලුගේම සිත් තුල සැක මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවස යි.
පසුගියදා පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේ ය.
"මැතිවරණය ජයග්‍රහණය කළේ ජාතිවාදය අවුස්සලා. නොයෙක් සංවිධාන තිබ්බා ජාතිවාදය අවුස්සන්න. ඒ හැම සංවිධානයක්ම වර්තමාන ආණ්ඩුවේ හිතවත්කම්වලට සම්බන්ධයක් තිබ්බා. ඒ සමහරක් අය ඡන්දේ ඉල්ලන්නත් ගියා. නාමල් කුමාර කිව්වා, අර සේනා කිව්වා, මේ සේනා කිව්වා. කුරුණෑගල ඇති වෙච්ච තත්වය ඔබට මතක ද. ඒ දවස්වල මාධ්‍යයෙන් වැඩිපුරම කතා කළේ ඒ වෛද්‍යවරයා ගැන. ඩොක්ට සාෆි. වඳ සැත්කම් කළා කිව්වා. වඳ පෙති දුන්නා කිව්වා. වඳ කොත්තුත් තියෙනවා කිව්වා. වඳ යට ඇඳුම් තියෙනවා කිව්වා. මේවා බලන්න කඩවල්වලට පැන්නා. මේ රටේ ජනතාව නොමග යැව්වා. මේක ඉතා සංවිධානාත්මකව කරපු දෙයක්. මම අහන්න කැමති කෝ දැන් ඩොක්ට සාෆි? ඒ වඳ සැත්කම්වලට මොනාද වෙලා තියෙන්නේ? ඒ කාන්තාවන්ට දැන් බබාලා හම්බ වෙලා ද? ඒකද දැන් කතා කරන් නැත්තේ? මම නම් හිතන්නේ බබාලා හම්බවෙලා ඇති. නැත්තන් ඒ ප්‍රශ්නේ තියෙන්න එපැයි තාම."