බලය උදෙසා දේශපාලනය විසින් නිර්මාණය කළ සිංහල, මුස්ලිම් භේදය නිසා මතුවූ සිංහල මෙන්ම මුස්ලිම් අන්තවාදී සංවිධානවලට ආණ්ඩුවේ සහයෝගය ලැබුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"මුස්ලිම් සහෝදරවරු සිංහල සහෝදරවරු එකට ජීවත් වෙච්ච බිම නැතිකළේ දේශපාලනය. ඒක අපි පිළිගන්නවා. මේ දේශපාලනය නිසා තමයි සිංහල මුස්ලිම් බේදයක් නිර්මාණය කළේ. අන්තවාදී පක්ෂ නිර්මාණය වුණා. හැබැයි මේකේ ඉතිහාසය 1956 ආණ්ඩු පිහිටුවනකොට සිංහල පමණයි කියපු තැන ඉඳලා මේ ජාතිවාදය පාවිච්චි කළා මේ රටේ දේශපාලනය. සුද්දා මේ රට බාර දීලා ගියාට පස්සේ මේ රටේ හැම නායකයෝම බලයට පත්වෙනකොට මේ රට දෙකට තුනට කඩලා ජාතින් විදියට භේද බින්න කරලා තමයි තමාගේ බලය ලබා ගත්තේ. අන්න ඒ බලය ලබා ගැනීම සඳහා කරපු ඒ පාදඩ වැඩ පිළිවෙලක අවසානයක් දක්වා මෙතනට එනවා."
"සිංහල අන්තවාදී සංවිධානවලටත්, මුස්ලිම් අන්තවාදී සංවිධානවලටත් ආණ්ඩුවේ සහයෝගය ලැබෙන්න පටන් ගන්නවා. අන්න ඒ ආණ්ඩුවේ සහයෝගය ලැබෙන්න පටන් අරගෙන තමයි ආණ්ඩුවේ ඔත්තු සේවාවල්වලට සහරාන් හෂීම්වත් ගන්නේ. නාමල් කුමාරවත් ගන්නේ. එතකොට නාමල් කුමාරටත් පඩි ගෙව්වේ සහරාන් හෂීම්ටත් පඩි ගෙව්වේ එදා 2010-2015 ආණ්ඩුවලින් තමයි."
එම වීඩියෝව පහතින්,