'දෙමළ මුස්ලිම් ජන්ද ගන්න පුලුවන් අපේක්ෂකයා බැසිල්' – අනුර කුමාර දිසානායක

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු ඒබව සඳහාන් කර සිටියේ   ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

එම කාරණය අනාවරණය කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ, මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇති බවකි.

එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කියයි.

 

 

Search