අශෝක අබේසිංහ CIDයට - 'විපක්ෂය මර්ධනය කරලා ඇත්ත වහන්න බැහැ' (Video)

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අද(11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ විසින් පාස්කු  ප්‍රහාරය පිළිබදව පසුගියදා සිදු කළ  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි. 

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථා දෙකක දීම ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද මන්ත්‍රීවරයා එහි පෙනී නොසිටියේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ තෙවන කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා අද එහි පෙනී සිටියේය.

 

Search