විදුලි වැට​,අලි-ඇතුන් සහ නීතිය​

විදුලි වැටක් සවිකිරීමේ පරමාර්ථය වන්නේ වගාවන් හෝ නිවාස සහ වතුපිටි වලට වන සතුන් මගින් සිදුවන හානි වලක්වා ගැනීම පිනිසය​.එම විදුලි බලය අඩු ශක්තියකින් යුතු විය යුතු බව සහ එමගින් අඩු විදුලි සැරක් වැදීම මගින් සතුන් විකර්ශනය කිරීමට එය යොදාගත යුතු බව පිලිගැනීම වේ. විශේශයෙන්ම අලි-ඇතුන් යම් ප්‍රදේශයකට ඇතුල්වීම වැලැක්වීම පිනිස යොදාගන්නේ විදුලි වැට ඔවුන්ට හානිකර නොවිය යුතුය යන්න නීතිමය වශයෙන් අදාලය​.

විදුලි වැටක පරමාර්ථය එසේ විය යුතු මුත්,විදුලි වැටවල්වල ගැටී අලි-ඇතුන් මියයාම කලක පටන් සිදුවන්නකි. මිට අමතරව මෙවන් හානිකර විදුලි වැටවල්වල ගැටී විවිධ වනසතුන් මරණයට පත්වීම් මෙන්ම මනුශ්‍ය ජීවිත පවා අහිමිවීම් පිළිබඳව සිද්ධීන් වාර්තා වේ.පෞද්ගලිකව තනන විදුලි වැටවල්වලට ජාතික විදුලිබල පද්ධතියෙන් නීත්‍යානුකූලව ඍජුව විදුලිය ලබා ගැනීමට ඉඩකඩක් නොමැත​. මේ නිසා සතුන්ට​,විශේශයෙන් අලි-ඇතුන්ට මරණය ගෙනදිය හැකි තරමේ විදුලි සැරක් ලබාදිය හැකි විදුලි වැටක විදුලි ප්‍රභවය කුමක් වේද යන්න සොයා බැලිය යුත්තකි.

එක්කෝ මෙවන් අවස්ථාවන් පිටුපස තිබෙන්නේ ජාතික විදුලිබල පද්ධතියෙන් නීති විරෝධීව විදුලි බලය වැටකට යොදාගත් අවස්ථාවක් වන්නට පුලුවන​. නොඑසේ නම්,ප්‍රභල පුද්ගලික විදුලි ජන්න ක්‍රමයකින් උත්පාදිත විදිලි බලය විය යුතුය​.

විදුලිබල ප්‍රභවය කුමක් වුවත්,වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 20(1) (අ) වගන්තියට අනුව කිසියම් අලියෙකු හෝ ඇතෙකු මරණයට පත් කිරීමට​,තුවාල කිරීමට හෝ අල්වා ගැනීම පිනිස විදුලිබලය යොදා ගැනීම වරදක් බවට පත්කර තිබේ.

එමෙන්ම පනතේ 20(2) උප​-වගන්තියට අනුව අලි-ඇතුන් පිළිබඳව සිදුකරන සියලු වරදවල් ඇප දිය නොහැකි වරදවල් වේ. එසේම පනතේ 67ආ වගන්තිය අනුව පනත යටතේ තිබෙන සියලු වරදවල් සංඥේය වරදවල් වේ.

මේ අනුව අලියෙකු හෝ ඇතෙකු මරණයට පත්වීමක් පමනක් නොව යම් තුවාලයක් සිදුවන තරමට තරම් හෝ විදුලි බලයක් විදුලි වැටකට හෝ රැහැනකට යෙදීම තහනම් වේ. එහිදී විදුලිබල ප්‍රභවය නීත්‍යානුකූලද​,නීති විරෝධීද යන්න අදාල නොවී වරදකාරිත්වය එකලෙසින් පැවරේ. 20 වගන්තියට මෙම කරුනු ඇතුලත් වූයේ පනතේ 2009 අංක 22 දරන සංශෝධන පනත මගිනි.ඉන් පසුව විදුලි බලය යොදා ගැනීම නිසා අලින් මරණයට පත්වූ අවස්ථාවන් කිහිපයකදීම වරදකරුවන්ට අධිකරනය මගින් දැඩි දන්ඩනයන් ලබාදී තිබුනි.

නමුත්,අලියෙකු මරණයට පත්කිරීමට තරම් ප්‍රභල විදුලි බලයක් වැටකට යෙදීම වලක්වාලීමට ප්‍රතිපාදන වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතට ඇතුලත් කිරීම ප්‍ර්‍රායෝගිකව ගැටලු ඇතිකිරීමට සමත් වන්නකි.

මේ නිසා වඩාත් සුදුසු ක්‍රමය වන්නේ විදුලි වැටවල් සහ රැහැන් ඇදීම යාමනය කිරීමට ප්‍රතිපාදනයන් වෙනත් සුදුසු පනතක් ඔස්සේ ගෙන ඒමය​. මෙහිදී ඊට සුදුසුම පනත ලෙස පෙනී යන්නේ විදුලිබල පනතයි. එම පනතේ විදුලි වැටවල් අලට අදාලවන ප්‍රතිපාදනයකුත්,ඒ යටතේ විදුලි වැටවලට අදාල ප්‍රමිතීන් සහ උපමානයන් අදාල පරිදි නියෝගයන් හරහා ගෙන ඒමට එම ප්‍රතිපාදනයන් සකස් කල හැකිවේ. එවිට අම වැටට හෝ රැහැන් වලට යම් නියමිත සීමාවන් යොදා ගැනීමට හැකිවනු ඇත​.

එවන් පියවරක් මගින් වසරක් පාසා විනාශවන අලි-ඇතුන් සහ වන සතුන් පම්,අනක් නොව මනුශ්‍ය ජීවිත රැසක් පවා ආරක්ශාකර ගැනීමට හැකිවනු ඇත​.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන

Search