පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත නැත්ත රටට හෙළි කිරීමට අවශ්‍ය නම් සංවේදී තොරතුරු නොසඟවා හෙළිදරව් කළ යුතු බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවස යි.
අද (10) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ ය.
"පාස්කු කොමිසම සංවේදී තොරතුරු හෙළි කරන්න බැහැ කියනවා. මොනවද සංවේදී තොරතුරු කියන්නේ. ත්‍රස්තවාදී ප්‍රහාර කොච්චර එල්ල වෙලා තියෙනවද මේ රටේ. එතකොට ඒ ප්‍රහාරවල තොරතුරු අපි එළියට දාන්නේ නැතුව හිටියද සංවේදී කියලා. ප්‍රහාරයක් එල්ල වෙලා ඉවර වුණාට පස්සේ ඒකෙ හංගන්න සංවේදී දෙයක් නැහැ. මං හිතන්නේ මේ සංවේදී තොරතුරු කියන්නේ වෙන මොකවත් නෙවෙයි. සහරාන්ගේ නෝනා කියන්න ගිහිල්ලා නවත්තපුවා. සාරා පුලස්තිනි කියන්න තියෙන ඒවා. ඒවා එලියට දාන්න. ප්‍රහාරය ගැන ඇත්ත නැත්ත රටට කියන්න ඕන නම් සංවේදී තොරතුරු හංගන්න දෙයක් නැහැ."
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොවන බව සියලු දෙනාම දන්නා කාරණයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
"මෙම අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයේ නායකයා මෙම ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොවන බව රටේ සියලු දෙනා දැන් වටහාගෙන සිටිනවා. ඔබ දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා චැප්ටර් එක වහන්න හදනවා සහරාන් තමයි මේ නායකයා කියලා."
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිදුකළ සම්පුර්ණ කතාව පහතින්,