බලයට පැමිණීමට පෙර රටේ දේපල පිටරටට නොවිකුණන බව සපථ කර සිටියත් දැන් රටම විකුණන් කන තත්වයක් උදා වී ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි චෝදනා කර යි.
එම පක්ෂයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී ඔහු මේ බව කියා සිටියේ ය.
"රටම විකුණනවා. හැබැයි එනකොට කිව්වේ අපි අඟලක්වත් විකුණන්නේ නැහැ කියලා. තමුන්නාන්සේලා අඟල් ගණන් විකුණන් නෑ අක්කර ගණන් විකුණන්නේ කියලා ඔක්කොම දන්නවා. දවස ගාණේ රට ඉවර කරනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ."
එසේම, වැඩ කරන විරුවාට ජනතාව රට බාර දුන්නේ ප්‍රතිපල බලාපොරොත්තුවෙන් නමුත් ජනතාවට ලැබී ඇත්තේ ප්‍රතිපල නොව ප්‍රශ්න පමණක් බව ඔහු කියයි.
"රට බාර දුන්නේ වැඩක් කරන්න. වැඩ කරන විරුවා. ඒ විරුවගෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ ප්‍රතිපල. අද ප්‍රතිපල නෑ ප්‍රශ්න ගොඩයි. රටෙත් ප්‍රශ්න. ජාත්‍යන්තරයෙනුත් අපිට ප්‍රශ්න. අපි කොහාටද යන්නේ කියලා අපිම දන්නේ නැහැ."