රේවත මිය ගිය ප්රථම හෝ එකම ඇතා නොවන බව ඇත්තය. එහෙත් රේවත කලාවැවේ ඇති අඳුර ගැන විශාල කතිකාවතක් නැවතත් ඇති කරන්නට සමත් වන බව නම් කිව යුතුව ඇත. වසර ගණනාවක සිට කලාවැව
ඇතුලු කලාපය ගැසට් කර ආරක්ෂිත බිමක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියත් එය තවමත් සිදු නොවිය. රේවත පමණක් නොව ඉතිරිව ඇති අනෙකුත් දැවැන්ත ඇතුන්ගේ අවසානය සමහරවිට මේ ගැසට් කිරීමේ ප්රමාදය තුලින්ම තීරණය වනු ඇත.
වැව් පිටියට ජලය එවීම නතර කරන ලෙස සංරක්ෂණවේදීන් ඉල්ලා සිටියත් එසේ නොකල අතර එමගින් ඇතුන්ට වැව් පිටිය අහිමි විය. එසේ අහිමි වීමේ ප්රතිපලය වූයේ දැවැන්තයින් තම අවශ්යතා සපුරා ගැනීමට ගම් වැදීමයි. අවසානයේ සිදු වූයේ රේවත නම් දැවැන්ත ඇතාට තම ජීවිතයෙන් වන්දි ගෙවීමයි.
අභයභූමි, ලෝක උරුම වනාන්තර, ආරක්ෂිත ප්රදේශ සංවර්ධනය සඳහා නිදහස් කරන කල, කලාවැව වැනි සොච්චම් බිම් කොටසක් ඇති එහෙත් ඇතුන්ට ජාන විද්යාත්මකව සුවිශේෂී වෙන බිම් කඩක් ගැසට් කොට ආරක්ෂා කරාවි යැයි සිතීම පවා අපහසු වාතාවරණයක් දැන් මෙරට තුල ඇත.
ඡායාරූප - නිත්ය අයිතිකරුවන්ට
සෙතිල් මුහන්දිරම්
උපුටා ගැනීම -Save Elephants ෆෙස්බුක් පිටුවෙනි