මේක ආරම්භය විතරයි මේ අවුරුද්ද අවසානය වෙනකොට තමයි තරු පෙනෙන්න පටන් ගන්නෙ

වත්මන් ආණ්ඩුව අතිවිශාල වශයෙන් මුදල් අච්චු ගසමින් සිටින නිසා මේ වසරේ අවසානය වනවිට බඩුමිල නොසිතූ විරූ ආකාරයෙන් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපි කණගාටුවෙනවා මොකද කොයි ආණ්ඩුවක් තිබුණත් මේ රට ඉදිරියට ගෙනියන්න තිබුණෙ. අපි කරපු හොඳවැඩ ආරක්ෂා කරලා, අඩුපාඩුකම් හදලා ඒකෙන් ලැබෙන ආදායමෙන් තවත් සහන දීලා ඒකෙන් දේශපාලන වාසිය ගන්න තිබුණා. ඒ වෙනුවට හැම එකක්ම දැන් කඩලා දාලා. ඉතින් දැන් බඩුමිල වැඩිවෙලා තියෙන්නෙ.

මේක ආරම්භය විතරයි. මේ අවුරුද්ද අවසානය වෙනකොට තමයි තරු පෙනෙන්න පටන් ගන්නෙ.

මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා. එතකොට තමන්ගෙ තරුණ යුගය ගිහින් ඉවරයි. ඊටත් වඩා මේ ආණ්ඩුව කෙරෙහි තරුණයන්ගෙ බලාපොරොත්තුවක් තිබුණා. ජනාධිපතිවරණයෙදි තරුණයො ගිහින් ඡන්දෙ දුන්නා. මැද පන්තිය ගිහින් ඡන්දෙ දුන්නා. මොකක්ද අද වෙලා තියෙන්නෙ ? ඒ ඡන්දය දුන්න තරුණයන්ගෙ විශ්වාසය කඩකරලා ඒ තරුණයින්ගෙ අනාගතය නැතිවෙනවා.

දැන් ආර්ථික ප්‍රශ්න එනකොට තරුණයින් කෑගහන්න යනවා. කෑගහන්න ගියාම ඔයගොල්ලො නිදහස සීමා කරනවා. එතකොට බඩටත් ගහලා කටටත් ගහනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

Search