''ජනාධිපතිතුමා විහිළුවක් වෙලා, ගහන ගැසට් සතපහකට ගණන් ගන්නේ නෑ" නිරෝෂා අතුකෝරාල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහිළුකාරයකු වී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාල පවසයි.

ඊයේ (8) දින ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවති හමුවක දී ඇය මේ බව ප්‍රකාශ කර තිබුණි.

වර්තමානය වනවිට ජනාධිපතිවරයාගේ ගැසට්වලට වගේම වචනවලට ද වටිනාකමක් නැති වී ගොස් ඇති බව ඇය කියා සිටියි.

"ජනාධිපතිතුමා ගැසට් ගහලා තියෙනවා නිහාල් නෙල්සන්ට වැඩිය. එක වතාවක් එතුමා කිව්වා මගේ වචනේ තමයි ගැසට් එක කියලා. අද එතුමා විහිළුකාරයෙක් වෙලා, චිත්‍රපට නළුවෙක් වෙලා අද එතුමා සතපහකට ගණන් ගන්නේ නැහැ. එතුමා ගහන එක ගැසට් එකක් සත පහකට ගණන් ගන්නේ නැහැ. අද එතුමාගේ ගැසට්වලට වටිනාකමකුත් නැහැ. වචනවලට වටිනාකමකුත් නැහැ."

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාල චෝදනා කර සිටියේ දේශීය ආර්ථිකය නගා සිටවන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් රාජපක්ෂවරුන්ගේ ගජ මිතුරන්ට පමණක් හම්බ කරගන්න අවස්ථාව දී ඇති බවත් ය.

 

Search