දැනුමෙන් පරිපූර්ණ ගැහැනියක විසින් නිර්මාණය කරන අරගලය සිදුනොවෙන තාක් අපේ රට හෝ ලෝකය පතන විප්ලවය සිද්ධ නොවන බව නීතිඥ නිරූපා සේරසිංහ පවස යි.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබුණි.
එම සටහන පහතින්,
කාන්තාව ගැන කතා කරන්න නරකම දවස අද
ලෝකයේ සමහර රටවල තවමත් ඒ ඒ සංස්කෘතිය විසින් හදාගත් , ගැහැනුන්ට අකැප දවස් ඇත.
හරියට අපේ රටේ මාස් ශුද්ධිය ඇති දවස්වලට ගැහැනුන්ට සමහර දෙවි දේවතාවුන් සම්මුඛ වීමට බැරුවා වගේ.
මගේ පෞද්ගලික කියවීම නම් ගැහැනුන් ගැන කතා කරන්න නරකම දවස ජාත්‍යන්තර කාන්තා දිනයයි.
එදාට පක්ෂ දේශපාලනය කරන ගැහැනුන් සහ මට කවදාවත් නොතේරෙම ටයිටල් එකක් වෙන "සමාජ ක්‍රියාකාරිනි" ලෙස තමන්ව හඳුන්වාගන්නා ගැහැනුන් සිටින්නෙ මාරෙට මොරාල් අප් වෙලා ය.
ඒක ශක්‍ර දෙවිඳු ආවත් ගේම ඉල්ලන තරම් ය.
සාමාන්‍ය විදියට ගෙදර වැඩක් පොලක් කරගෙන සිටින ගැහැනියට නම් අදත් ඉර පායලා බැහැලා යන නිකම්ම නිකන් දවසක් ය.
හෙට?
ආයෙත් අපි ඔක්කොම කුස්සි අම්මලාය, බඩුය, ගාමන්ට් කෑලිය,
එතකොට අද ලබන මේ වින්දනය මොකටද?
දැනුමෙන් පරිපූර්ණ ගැහැනියක් හදන අරගලය සිදුනොවෙන තාක්කල් අපේ රට හෝ ලෝකය පතන විප්ලවය සිද්ධ වෙන්නේ නැත. ඔබ එක ගැහැනියක් උදෙසා හෝ දැනුම් ද්වාරය විවර කළ හැකි පිරිමියෙක් නම් මාගේ මේ ගෞරවය පිළිගන්න. ගැහැනියක් නම් මේ උණුසුම් වැළඳගැනීම බාර ගන්න.
ගැහැණු ඇඬුවාට කමක් නැත.
ගැහැණු වැළපුනාට කමක් නැත.
ගැහැණු තොඳොල් වුනාට කමක් නැත.
ගැහැණු කපටි වුනාට කමක් නැත.
නැත්නම් ලෝකය මේ තරම් සුන්දර නැත.
ඒත් කරන දේ තුන්කල් දක්නා නුවණින් කළ හැකි ගැහැනිය නිසා පමණක් ලොව නිවී සැනසෙයි.
පීත්ත පටි කපා, උද්වේගකර කතා පවත්වා, බටර් කේක් සමග ඔරේන්ජ් ජූස් කා බී,
කාන්තා දිනය සමරා බස් එකේ යන ගමන් පිරිමියෙක්ගේ හේත්තුවට ලක් වෙන්නා වූ
කාන්තාවනි එන්න,
හෙට සිට අපි කාන්තාව වෙනුවෙන් හැමදාම වැඩ කරමු!