ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් ඊයේ (06) අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක්
නිවාස සංකීර්ණ භූමියේදී සිදු කෙරිණි.
සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණයක් පවතින බව මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන ලදී.
මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නයට දේශපාලන උත්තර නොමැති බව අවධාරණය කර සිටි ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඔවුන්ට පැවරූ කාර්යය හැර අනෙක් සියලුම දේ සිදුකර ඇති බව පවසයි.
1951 දී ආරම්භ කරන ලද ජමාතේ ඉස්ලාම් සංවිධානය ඔවුන්ගේ පොත්වල 'සමස්ත මුස්ලිම් සමාජයම නොවුනත් සමස්ත මුස්ලිම් සමාජය වෙනුවෙන් එක්තරා මුස්ලිම් කණ්ඩායමක් වුවද ජිහාදයේ යෙදීම සෑහේ' යනුවෙන් සඳහන් කර ඇති බවත් මුස්ලිම් අන්තවාදී සංවිධානවලට නායකයන් නොමැති බවත් ඔවුන්ගේ නායකයා ඔවුන් විශ්වාස කරන දෘෂ්ටිවාදය බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.