කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ජයරත්න හේරත්ගෙ ගෙදර පිංකමක් පැවැත්වුනු බව දැනගන්නට ලැබී තිබේ. වාර්ෂිකව කරණ මේ පිංකම ජයරත්න හේරත්ගේ පියා වන යකා මහත්තයාවයි මවයි නෝනගෙ පියා සහ මව සිහිකරමින් හාමුදුරුවරුන්ට දානය දී පිංකම කරපු බව වැඩිදුර ආරංචි මාර්ග පවසනවා.
සැප්තැම්බර් 21 වෙනිදා දෙනෙිකේ ආන්නද හෙවත් ජයරත්න හේරත්ට කඩේ යන හාමුදුරුවන් බණට වැඩම කොට මහා ඉහළින් ජයරත්න හේරත්ව වර්ණනා කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. ජයරත්න හේරකත්ගේ .පුතා පියුමාල් හේරත් පළාක්සභාවට තරඟකිරීමට නියමික නිසා වෙනදාටක් වඩා ලංවෙමින් බණ අහන්න ආපු අය සමග කතාකරමින් සතුටු සාමිච්චියේ යෙදී ඇති බව දැනගන්නට ලැබී තිබේ.
බණ දවසෙන් පසු දිනයේ හාමුදුරුවරුන් 100 නමකට පමණ ජයරත්න හේරත් මහතා දානයට ආරාධනා කර තිබුණි. ඒ අතර දෙනිකේ ආන්නද , පාදෙනියෙ මහ නායක, තල්කොට පංසලේ මහා ජ්‍යෝතිර්වේදී අඹගස්වැවේ පුණ්නජි යන හිමිවරුන් පැමිණ ඇති බව වාර්ථා වේ. දානය පටන්ගන්නවාත් සමගම පාදෙනියෙ නායක හාමුදුරුවන් අනුශාසනා කතාව ආරම්භ කර ඇත. ඒ කතාව අතරතුර සු දුපාට ජීප් රථයක් ජයරත්න හේරත්ගේ නිවස පරිශ්‍රයට වේගයෙන් ඇදී ආ බවත් ඒ දෙස අවධානය යොමුකල හිමි වරු.සහ පැමිණ සිටි පින්වත් පිරිස තුශ්නිම්භූතව බලපු බවත් දැනගන්නට ලැබී තිබේ.
ජීප් රතයෙන් බැසආවේ වලපනේ ලොක්කා සමග ගලගොඩත්තේ ඥාණසාර හිමි බව දැනගත් පිරිස ඇස්වල කඳුලු පිස දමමමින් හාමුදුරුවන්ව පිළිගන්නට එළියට ගිය බව ආරංචි මාර්ග පවසයි. ජයරත්න හේරත්ගෙ මාධ්‍ය සම්බන්ධීකාරක පියුමාල් හේරත්ව නැගිටවන්න උත්සාහ කරණ අවස්තාවේ මහා බඩක් උසුලාගෙන නැගිටින්නට වෙර දරණ පියුමාල් හේරත්ට සිනහ වෙමින් ඥාණසාර හාමුදුරුවෝ ඇතුළට ඇවිත්.අසුන් ගත්.බවට වැඩිදුර ආරංචි මාර්ග.. පවසයි.
අනේ අනේ ජයරත්න ඉගිලෙනකොට තමා සුද පේන්නෙ එහෙනම් කියලා එතන හිටපු නොයෙක් ජනතාව කතාවුණු බව ආරංචි මාර්ග පවසයි. දානයට සහභාගිවුණු ඥාණසාර හිමියන් ජයරත්න හේරත් සත්ගුණවත් ගූණගරුක හතර පෝයට සිල්ගන්න කෙනෙක් බව පැවසූබවත් ඒ වචන ප්‍රකාශ කරද්දී හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මල්විල මහත්තයා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි කියමින් ඒ කතාව අනුමත කළ බව දැනගන්නට තිබේ.
දානය හමාරවී හාමුදුරුවරුන් පිටව යනවාත් සමගම ඥාණසාර හිමියන් මෙහෙට එමුකො ඔය දෙන්නා කියමින් ජයරත්න හේරත් සහ පියුමාල් හේරත්ව තමන්ගේ ලඟට ගෙන්වා ගත්.බව දැනගන්නට ලැබී තිබේ. එහිදී ඔන්න ඉතින් අවශ්‍යදේවල් ටික අපි කරලා තියෙන්නේ . මොනවද ඇමතිතුමා තටු හලාගෙන වගේ ඉන්නනෙ ලොක්කා ඉන්නවනෙ ඔබතුමත් එක්ක අපි ඉන්නකම් කිසි එකෙකුට බය වෙන්න එපා යනුවෙන් ප්‍රකාෂ කර ඇති .බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.ඒත් සමගම සුපුරුදු පරිදි පියුමාල් හේරත්.අපෙ හාමුදුරුවනේ අපෙ හාමුදුරුවනේ යැයි කියමින් යම් යම් දේවල් කුටු කුටු කුටු ගෑ බවත්.ඥාණසාර හිමියන් පියුමාල්ගෙ.කරට අත දාගෙන ශාලාවෙන් එළියට ඇවිත් මහ තැන ඔයාට කතාකරණවනේ යනුවෙන් ප්‍රකාශ කළ බවත්.දැනගන්නට ලැබී තිබේ. ඒ අතර ජයරත්න හේරත්ගේ .ගෙදර සියල්ලෝම පැමිණ සිටි පිරිසත් සමග.ඔබ වහන්සේ දැකීමත් සතුටක් වෙනදා එනකොට එන යන.වෙලාවල් අපි දන්නෙ නෑනෙ අදනෙ කතාකරන්න හම්බුනේ යැයි පවසමින් හිමියන්ව වටකරගෙන සිටි බවත් වැඩිදුර දැනගන්නට ලැබී තිබේ.
කෙසේ වෙතත් විස්තර ආරංචි කරගත් අපට දැනගන්නට ලැබුනේ ඥාණසාර හිමියන් සිංහල බෞද්ධකම ඉස්සරහින් තබාගෙන ජයරත්න හේරත්ව සහ පියුමාල් හේරත්ව කාලයක් තිස්සේ තමන්ගේ කොම්පැනියේ සාමාජිකයන් කරගනිමින් තම අභිප්‍රායන් සිදුකරගැනීමට එකතුවී කටයුතු කළ බවයි.
ජයරත්න හේරත් මහතාගේ නිවසින් ඥාණසාර හාමුදුරුවන් පිටව යාමත් සමගම එතන සිටි පිරිස් මහා පුදුමයෙන් ජයරත්න සහ පියුමාල් යන දෙපළ දෙස බලමින් සිටි බව දැනැගන්නට ලැබී තිබේ. කෙසේවතත් සර්ව සහයෝගයෙන් දේශපාලන කටයුතු කළා යැයි පැවසුවාට ජයරත්න සහ පියුමාල් යන අයත් සිංහළ බෞද්ධ උණුසුමෙන් ඉහළ ලොක්කන්ට අවශ්‍ය පරිදි කටයුතු.කරනවුන් බව පහැදිළි වූ බව වැඩිදුර ආරංචි මාර්ග.පවසා ඇත.
උපුටාගැනීම - තුෂාර ගුණරත්නගේ මුහුණු පොත