කීල්ස් සුපිරි වෙළඳසල් පාරිභෝගිකයාගේ ඉතිරි මුදලට වැඩේ දෙයි?

 

කීල්ස් සුපිරි වෙළඳසල් ජාලයේ වෙළඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ඉතිරි වන මුදල බැංකු ගිණුමක් නොවන "NEXUS"

නමින් හඳුන්වන කාඩ් ගිණුමට බැර කිරීම නීතිවිරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන මෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලිපියක් යොමු කරමින් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ පෙන්වා දෙන්නේ පාරිභෝගික පැමිණිල්ලකට අනුව සිදු කළ සොයා බැලීමක දී අදාළ වෙළඳසල් විසින් ඉතිරි මුදල් අනීතික ලෙස රඳවා ගන්නා බවට අනාවරණය වූ බව යි.

මෙමගින් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් ඉල්ලා සිටි යි.

පාරිභෝගික කටයුතු අධිකාරියට යොමු කළ ලිපිය පහතින්,

nexus

Search