නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ලෙස නම් කළ නිලධාරීන් 08 දෙනෙකු එම ධුර සඳහා පත් කිරීමට පාර්ලිමේන්තුවේ
උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද (24) පස්වරුවේ සිය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ,
සී. ඒ චන්ද්‍රප්‍රේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස
මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස
රවිනාථ ආරියසිංහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස
එස්.අමරසේකර දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස
විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා ඇෆ්ගනිස්තාන ජන රජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස
විශ්‍රාමාල් සංජිව ගුණසේකර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස
මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස
ආචාර්ය පාලිත කොහොන චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස
පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.
සබැඳි පුවත්
සී ඒ චන්ද්‍රප්‍රේම තානාපති ලෙස බාර නොගන්නා ලෙස ස්විස් රජයෙන් ඉල්ලීමක්