පුත්තලම, ආනවිලුන්දාව රැම්සා තෙත් භුමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ
සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී ජගත් සමන්ත අද (24) ඇප මත මුදා හැර තිබෙනවා.
ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ රුපියල් ලක්ෂ දහය බැගින් සහතික ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළ බව යි.
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම නීති විරෝධී ලෙස ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජගත් සමන්ත පොලිසියට බාරවුයේ ඉකුත් 22 වැනිදා ය. එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබුණේ නැත.