ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රටේ නීතියට පටහැනි
බවත් එහි ඇතුලත් ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවත් ඉල්ලමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව අද (24) දහවල් වනවිට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ගණන 7කි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද ඇතුලුව පාර්ශව හයක් විසින් මුල් පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයා සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කළ සටහනක් පහතින්,
"20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පෙත්සමක් (SC SD 10/2020) හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
20 වන සංශෝධනයේ කරුණු ගණනාවක් ජනමත විචාරණයකට යොමු කර මහජනතාවගේ අනුමැතිය ලබා ගත යුතුයි.
2/3 ක පාර්ලිමේන්තු ඡන්දයක් අවශ්‍යවන කරුණු ගණනාවක් ද මේ අතර තිබෙනවා.
අද රටේ පවත්නා නීතිය සමඟ අසම්පාත වන (inconsistency) කරුණු 20 වන කෙටුම්පතට ඇතුළත්වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණක් මෙම ව්‍යවස්ථා සංශෝධනය එම නිසා සම්මත කර ගත නොහැකි බව තෙන්නකෝන් මහතා පවසයි.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවල සඳහන් පරමාධිපත්‍ය බලය ට ගැටෙන කරුණු ගණනාවක් ද 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අතුලත් වෙනවා. මේ කරුණු අපි අද පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ මුලික නීතියට පටහැනි බවට කරුණු ඉදිරිපත් කරන්නට පාර් ලිමේන්තුවෙන් පිටත තිබෙන අවසන් අවස්ථාව මම යොදා ගැනීමට කටයුතු කරනවා. අපේ පෙත්සම පිළිගත්තත්, ප්‍රතිකේෂප කළත් එයින් 20 වන සංශෝධනයේ තියෙන විනාශකාරී බලපෑම අහෝසිවන්නේ නෑ. 20 ශිෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයේ සිට මිලේච්චත්වය කරා ගමන් කිරීමක්.
18 වන ව්‍යවස්ථා සංශෝධනයටත් මේ ආකාරයේම විරෝධතා අධිකරණය හමුවේ ගොනු කෙරුණා. නමුත්, ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රතිකේෂප වු බව අපට මතකයි.
කෙසේ නමුත්, 20 පරාජය කරන්නට අපට තිබෙන සෑම අවස්ථාවක්ම ප්‍ර යෝජනයට ගන්නට අප කටයුතු කළ යුතුවෙනවා. පුරවැසියෙකු ලෙස මා වෙත ඇති සමාජ වගකීම ඉටු කිරීම උදෙසා මෙම නඩුව ගොනු කරනු ලැබුවා යැයි ද හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
නීතිඥ මනෝජා ගුණවර්ධන මෙනවියගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, නීතිඥ චතුර ගල්හේන පෙත්සම්කරු වෙනුවෙන් සිටී."