"වියත්මගින්" රට හදනවා නෙවෙයි "කියත්" මගින් ගස් කපනවා : විපක්ෂ නායක

 

පසුගිය මැතිවරණ සමයේ දී රට හදන බවට පාරම්බෑ "වියත්මග" සංවිධානය රට හදනවා වෙනුවට,

කියත් මගින් වනාන්තර කපා දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවස යි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ හරිත දිවයිනක අගය පහදමින් වන විනාශය වෙනුවට වන සංරක්ෂණය කෙරෙහි ජනතාව යොමු කිරීම අරමුණු කරගනිමින් ගාල්ල බූස්ස කැඳෑල සුධර්මාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

"මේ රටේ ප්‍රථම හරිත ව්‍යාපාර කේන්ද්‍ර කරගත් ව්‍යාපාර දේශපාලන බලවේගය සමගි බලවේගය. අපිට අහන්නට ලැබුනා පහුගිය කාලේ ජනාධිපතිවරණයේ දීත් මහා මැතිවරණයේ දී ත් වියත් මගින් රට හදනවා කියලා. දැන් අපිට පේන්නට තියෙන්නේ වියත් මගින් රට හදනවා වෙනුවට කියත් මගින් ගස් ටික කැපෙනවා. කියත් මගින් පරිසරය විනාශ වෙනවා. කියත් මග නිසා මෙරට වන ගහනය අඩු කරන තත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ."

"අපි මේ බිහි කරන මෙහෙයුම් කමිටු හරහා, ප්‍රජා කේන්ද්‍රීය පරිසර වැඩසටහන් ඔස්සේ පරිසර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට, මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නට ජනතාවට මුල් තැන ලබාදෙමින් පරිසරයත් ආරක්ෂා වෙන සමාන්තර ගමනක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා."

 

 

Search