මහනුවර, බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී : මුදාගත් බිළිඳා මියයයි

මහනුවර, බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී : මුදාගත් බිළිඳා මියයයි

 

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.

ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් සොයාගෙන රෝහල්ගත කළ මාස එක හමාරක් වයසැති බිළිඳා මියගොස් ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ ප්‍රකාශ කර තිබේ.

මෙම ගොඩනැගිල්ල අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

එම නිවසේ සුන්බුන් අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

Search