පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු
විසින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගත බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කර තිබෙනවා.
මාධ්‍ය ඔස්සේ පළ වූ එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බව යි, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.
මෛත්‍රිපාල සිරිසේන හට ඉදිරියේ දී ජනාධිපති කොමිසම වෙත පැමිණීමට අවස්ථාවක් ලැබුණොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
පාස්කු ප්‍රහාරයට පසු එය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් ප්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කොට විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබූ බව එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබිණ.