ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ද ඉදිරිපත් වීමට තමන් බලාපොරොත්තු වන බව
එම පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියා සිටියේ ය.
එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස කෘත්‍යාධිකාර මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් ඊයේ (14) දින තේරී පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමන්ගේ එකම අවශ්‍යතාවය පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම බව යි.