එම්.කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට
ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් එම්.කේ. සිවාජිලිංගම් මෙලෙස අත්අඩංගුවට ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.