20 බරපතල අවුල් 22ක් : ස්වාධීන ආයතන දේශපාලනීකරණය ඉන් ප්‍රමුඛයි: පැෆරල්
මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන මූලධර්ම නොසලකන ඉතා බරපතල කරුණු 22 ක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුලත් වන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) නිවේදනය කර යි.
ස්වාධීනව පැවැතිය යුතු ආයතන දේශපාලනීකරණයට ලක්වීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගන්නා අතර විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීම, මැතිවරණ කාලය තුළ රාජ්‍ය සේවයේ පත්වීම්, මාරු කිරීම්, උසස් කිරීම් හා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීමට තිබූ බලතල ඉවත් කිරීම ඉතා බරපතල තත්වයක් බවයි අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර සිටින්නේ.
කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත රාජ්‍ය සේවා කොමිසම විසින් මැතිවරණ කාලය තුළ නිලධාරීන් මාරුකලහොත් මැතිවරණ කොමිෂන් සභාව අර්බුදයකට යාමෙන් ඉදිරියේ දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
විගණන අයිතිය අහිමියි
යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට තිබූ අයිතිය අහිමි කිරීමෙන් රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට තිබූ වගකීම හා අයිතිය අහිමි වී යාමෙන් ශී‍්‍ර ලංකා ගුවන් සමාගම, ලිට්රෝ සමාගම, සීනි සමාගම්, විදුලි සමාගම් වැනි රාජ්‍ය මුදල් බිලියන ගණනින් හුවමාරුවන රාජ්‍ය සමාගම් 100 ට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවට දැනගැනීමට තිබූ අයිතියද අහිමි වී යයි.
කෙටුම්පතෙහි නැවත සංශෝධනය විය යුතු ප‍්‍රධාන කරුණු ලෙස පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ,
- ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම
- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන ප‍්‍රතිපාදනය අහෝසි කිරීම
- ඇමති ධුර සංඛ්‍යාවට තිබූ සීමා ඉවත් කිරීම
- වසරක් අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම
- විදේශ පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට ජනාධිපති මැතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉඩ ලබාදීම
පනින්න පෙර සිතා බලන්න
20 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමට පෙර එය නැවත නැවතත් කියවා බලන ලෙස පැෆරල් සංවිධානය විශේෂයෙන්ම රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ඉතිහාසයේ පටන් රටේ මූලික නීති ලියවිල්ල පුද්ගල සාධක මත, ඒ මොහොතේ පැවති දේශපාලන තත්ත්වය මත හා අහඹු වෙනස්වීම් මත සිදුකරන සංශෝධන වලට තිත තබා රටේ හා ජනතාවගේ යහපැවැත්ම අරභයා දීර්ඝකාලීන තත්වයන් සැලකිල්ලට ගෙන සිදුකරන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා ඇත.
©විපක්ෂය