ඇතුළෙන්ම ආපු විරෝධය නිසා 20 අකුලා ගන්නවා : විමල්

ඇතුළෙන්ම ආපු විරෝධය නිසා 20 අකුලා ගන්නවා : විමල්

 

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළින්ම කනස්සල්ල පලවීම නිසා එය ඉවත කරගෙන නව ගැසට්ටුවක් ප්‍රකාශයට පත් කරන බව විමල් විරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (12) කොස්ගම ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

"දැනට ලබාදුන් කෙටුම්පතේ ඇති ගැටළු පක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා. ඒ සාකච්ඡාවෙන් පසුව අධිකරණ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කරන්න තීරණය කළත් බැරිවුනා. ඊට පස්සේ තමයි අගමැති තීරණය කරන්නේ 6 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නත් කමිටුවෙන් නිර්දේශ ලැබෙන තුරු 20 වැනි සංශෝධනය දැනට ගැසට් කරලා තියෙන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටින්නත්. කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ සලකා බලා නව ගැසට් පත්‍රයක් 20 වැනි සංශෝධනය හැටියට ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තුව හමුවට ගෙන එන්න. ඒ තීරණය ගත්තේ පක්ෂ නායක හමුවේ දී එළඹුණු තීරණවලට අනුව. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කනස්සල්ල පල වෙලා තියෙනවා ඇතැම් කාරනා ගැන."

Search