20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්තගෙන්
ඒ පිළිබඳව කරුණු විමසීමට එම පක්ෂය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් ප්‍රේමනාත් සී දොලවත්ත වෙත ඒ සම්බන්ධයෙන් අවවාද කරමින් ලිපියක්ද යවා ඇති බව යි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවීම යන කරුණ සම්බන්ධයෙන් ඔහු මින් පෙරදී ද මෙරට ප්‍රමුඛ පෙලේ රුපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් සිය අදහස් පළ කර තිබුණි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ බොහෝ වගන්ති
සංශෝධනය විය යුතු යයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවේ ප්‍රධානන්ට එල්ල වන විරෝධය හමුවේ, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ඊයේ (10) දින අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී පත් කරන ලද සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත කමිටුවේ සාමාජිකයෙක් ලෙස ද ප්‍රේමනාත් සී. දොළවත්ත කටයුතු කර යි.